රාජ්‍ය නිලධාරි වෙනස් වෙන්නෙ නැතිනම් අපි වෙනස් කරනවා – ජනාධිපති
ජීවය මරා දමන පංගුකාරයෙක් වෙන්න එපා…
ජගත් පරිසර දින සැමරුම් උළෙල
රටේ වැලි තොටුපළවල් වැඩි ප්‍රමාණයක් අයිති දේශපාලනඥයන්ට… වන විනාශය පිටුපස දේශපාලන අධිකාරියේ ආරක්ෂාව තිබුණා… පරිසරය විනාශ කරන දේශපාලන මැදිහත්වීම් දැන් නෑ… ප්ලාස්ටික්වලින් විනාශ වුණු දේශය යළි සුවපත් කරන්න අපට වගකීමක් තිබෙනවා…
ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය ලබාදෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණයේ යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ අක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෑගල්ලේ ඊයේ (05 දා) පැවති ජගත් පරිසර දින සැමරුම් උළෙලේදී පැවසීය…..|තව කියවන්න දිවයින