රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන සහාය සෞඛ්‍ය සේවාවට ශක්තියක් – සෞඛ්‍ය නි. අමාත්‍ය
රාජ්‍ය අනුග්‍රහයට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන සහායෙන් මෙරට සෞඛ්‍ය සේවාව විශිෂ්ට අයුරින් පවත්වා ගෙන යාමට හැකියාව ලැබී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙරට සංචාරයක නිරතව සිටින ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් සඳහා වූ යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සංවිධානය කළ විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්ය. උත්සවය පසුගියදා කොළඹ කිංග්බරි හෝටලයේ දී පැවැත්විණි.
ආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවත්, විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව HIV සමග ජීවත්වන්නන්ගේ ප්‍රමාණය සැළකීමේ දී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක් බවත්, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ගනිමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් වලට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් සිදුකරනු ලබන මෙවැනි අර්ථවත් ක්‍රියාකාරකම් ද බෙහෙවින් හේතු සාධක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය…..|තව කියවන්න news.lk