Sunday, June 22, 2025
Local News

රාජ්‍ය සේවකයෝ 21,000ක් නිවාඩු පිට

0

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ලබාගෙන ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2024 රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සමීක්ෂණයේ මූලික වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයට අනුව මෙරට සමස්ත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,156,018 ක් බවත් එය 2016 වසරට සාපේක්ෂව 46,543 ක ඉහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.….|තව කියවන්න ලංකාදීප

Share this :