ලාංකීය සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් අග්‍රාමාත්‍යවරිය අවුරුදු සමරයි
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමේ ජාතික උත්සවය අද(14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කඩුවෙල පහළ බෝමිරිය නීතිඥ සමන් ලීලාරත්න මහතාගේ නිවස කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය පූර්ව භාග 06.44 ට යෙදුණු සුබ නැකතට අඹ පැළයක් රෝපණය කර නව වසරට වැඩ ආරම්භ කළාය.
ලාංකීය සිරිතට මුල්තැන දෙමින් සිංහල දෙමළ අලුත් අවුරුදුු චාරිත්‍ර ඉටු කිරීම, ජන ක්‍රීඩා, ජන ගායන හා නර්තන අංග රැසක් මෙහිදී දැකගත හැකි විය…|තව කියවන්න news.lk