වර්ෂාපතන රටා වෙනස්වීම ලුණු නිෂ්පාදනයට බලපා තිබේ ද?
”පහුගිය අවුරුදු 20 ඇතුළත හම්බන්තොට දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත විශ්ලේෂණය කරලා බලද්දී මුල් කාල වලදී සාමාන්‍යය මාසික වර්ෂාපතනය සමහර මාස වලදී මිලිමීටර් 300ක් වගේ තිබුණට 2020 අවුරුද්දෙන් පස්සේ ඒක සමහර මාස වල මිලිමීටර් 500 වගේ වෙනකම් ඉහළ ගිහින් තියෙනවා කියලා පෙන්නුම් කරනවා. මේ තත්ත්වය 2024 අවුරුද්දෙත් වාර්තා වෙනවා. ඒ කියන්නේ මේක කෙලින්ම ලුණු නිෂ්පාදනයට බලපෑමක් එල්ල කරනවා” යනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ භෝග විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසීය.
මේ දිනවල රටපුරා ජනතාවගේ වැඩි අවධානයක් හිමිවී තිබෙන ලුණු හිඟයට හේතුව දේශගුණික විපර්යාසය නිසා ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ වැඩි වීම ද යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය…..|තව කියවන්න BBC NEWS සිංහල