Sunday, June 1, 2025
International

ලෝකය කැළඹූ බුදුන්ගේ පුරාවස්තු වෙන්දේසිය

0

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටි පුරාණ ස්තූපයකින් 1898 දී සොයා ගන්නා ලද බෞද්ධ පුරාවස්තුවලට අයත් මැණික් ගල් ඇතුළු පුරාවස්තු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය වෙන්දේසි සමාගමක් වන සොතෙබිස් විසින් පසුගිය මැයි 7 දා වෙන්දේසි කිරීමට නියමිතව තිබුණි. පසුව එය කල් දමා තිබේ. ඒවායේ මූලික ලංසුව ලෙස සඳහන් කර තිබුණේ හොංකොං ඩොලර් මිලියන 100ක් (අමෙරිකානු ඩොලර් මිලියන 12.9) කි. එය ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 386 ක් වේ.

මෙම මැණික් එකතුවට මුතු, රතු කැට, පුෂ්පරාග, නිල් මැණික් සහ කැටයම් සහිත රන් තහඩු 1,800 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වේ.

බුද්ධ කාලයට අයත් මෙම පුරාවස්තු නූතන යුගයේ වඩාත්ම කැපී පෙනෙන පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් එකක් ලෙස සැලකේ. එක්සත් රාජධානියේ සහ වෙනත් බෞද්ධ රටවල්වලින් ද මෙම වෙන්දේසියට විරෝධය එල්ල වී තිබේ. ඒ අතර ඉන්දියානු රජය එම පුරාවස්තු තම රටට බාරදෙන ලෙස වෙන්දේසි සමාගමට දැඩි ඉල්ලීමක් කර ඇත. එම වෙන්දේසිය නතර කරන ලෙස සදබි වෙන්දේසි සමාගමට ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය නීතිමය දැනුම්දීමක් ද සිදුකර තිබේ. සංස්කෘතික අමාත්‍යංශය සඳහන් කරන්නේ හොංකොං ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස ඉන්දීය මූල්‍ය විමර්ශන ඒකකයට දැනුම් දී තිබෙන බවයි. සදබි වෙන්දේසි සමාගම එම නොතීසියට ප්‍රතිචාර දක්වා ඇති අතර සියලු‍ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් තීරණයක් ගන්නා බව දැනුම් දී ඇතැයි ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය සදහන් කර සිටී…..|තව කියවන්න දේශය

Share this :