ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලැබෙන ‘සිරි දළදා වන්දනාව’
කන්ද උඩරට සෙංකඩගලපුර පිහිටා ඇති ශ්‍රී දළදා මාලිගාව, ලංකාවේ රාජ්‍යත්වය සහ සංස්කෘතියත් සමඟ බැදුනු සුවිශේෂී සංකේතයක් ය. මේ හේතුව නිසාම කවර තත්ත්වයෙක් වූවද උතුම් දළදා වහන්සේට අනුබද්ධ පුද පූජා, සිරිත් විරිත් පැවැත්වීම අනිවාර්ය අංගයක් ලෙස ලාංකීය සම්ප්‍රදාය තුළ පවතී. කලින් කලට රාජ්‍යයත්වයට පත්වෙන රාජාධි රාජ නායකයාගේ ප්‍රථම යුතුකම හා වගකීම විය යුත්තේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජීවමාන බුදුන් වහන්සේ ලෙස ගෞරවාදරයට පත්ව ඇති සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් උත්තම පූජා පැවැත්වීමයි. රටේ කුමන ප්‍රශ්නයක් පැවතුනද, ඒකී කිසිම මොහොතක පමා නොවී දළදා වහන්සේට පුද පූජා සත්කාර කිරීමට බලයේ සිටි රජවරු කටයුතු කළ බවත්, ඉංග්‍රීසි ආණ්ඩු සමයේ පවා එය අත් නොහැර දළදා සමිදුන්ට පුද පූජා පැවැත්වූ බවත් ඉතිහාස පත පොතේහී සඳහන් වේ.…|තව කියවන්න news.lk