වසර 130,000 පැරැණි මැමත් පැටවෙකුගේ සිරුරක් විච්ජේදනය කෙරේ
රුසියානු විද්‍යාඥයන්, සයිබීරියානු නිත්‍ය තුහින පසෙහි සංරක්ෂණය වී තිබිය දී හමු වූ මැමත් පැටවෙකුගේ සිරුර විවෘත කර පරීක්ෂාකර බලා තිබෙනවා. අවුරුද්දක් වියැති බවට සැලකෙන මේ මැමත් පැටවාගේ සංරක්ෂිත සිරුර ‘යානා’ (Yana) ලෙස නම් කර ඇති අතර, එය සොයාගෙනු ලැබ තිබෙන්නේ ඉකුත් වසරේ දෙසැම්බරයේයි.
පර්යේෂකයන් පෙන්වා දී තිබූ පරිදි මෙතෙක් කලකට හමු වූ සංරක්ෂණය අතින් හොඳ ම තත්ත්වයේ පසු වූ මැමතා ‘යානා’ බවයි.
පර්යේෂකයන් යානා ගැන සමීප ව සොයාබැලීම සඳහා මෙලෙස සිරුර විච්ජේදනයට ලක් කර තිබෙනවා. පැය කිහිපයක් ගත වූ මෙම කටයුත්ත ඉකුත් මාර්තු මාසයේ දී සිදු ව ඇත්තේ යකුට්ස්කිහි උතුරු නැඟෙනහිර ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ පිහිටි මැමත් කෞතුකාගාරය තුළයි…|තව කියවන්න විදුසර