Tuesday, June 24, 2025
Local News

විජේලක්‍ෂ්මිට සවන් දෙමු

0

දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ඊළඟට ඇතිවූ විශාලතම යුද්ධය ලෙස වියට්නාම් යුද්ධය හඳුන්වනු ලැබේ. මෙහිදී උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාමය එකිනෙකාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. 1955 දී පටන්ගත් මේ යුද්ධයේ මුල මෙසේය. එකල ලොව බලවත්ම රාජ්‍ය දෙක වූයේ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව නමැති කොමියුනිස්ට් රාජධානිය සහ ලෝක ධනවාදී පිලේ වැඩිම කොටස් හිමියා වූ ඇමෙරිකා එක්සත් ජනපදය ය. මේ අතර සෝවියට් සංගමය උතුරු වියට්නාමය ඔස්සේ ස්වකීය කොමියුනිස්ට් ව්‍යාපාරය අග්නිදිග ආසියාව පුරා පැතිරවීමට පටන් ගත්තේය. මෙහිදී කෝපයට පත් ඇමෙරිකාව දකුණු වියට්නාමයේ ඒ වනවිටත් සිටි ඇමෙරිකන් රූකඩ ආණ්ඩුව සමග එකතු වී උතුරු වියට්නාමයට පහරදීමට පටන් ගත්තේය. මේ යුද්ධය පුරා අවුරුදු 20ක් පැවැතුණේය.

සංග්‍රාමය අවසානයේ දී ගණන් හදා බැලීමේ දී රටවල් දෙකේම තිස් ලක්‍ෂයක් මියගොස් සිටියහ. ඒ අතර දකුණු වියට්නාමයට උදව් සඳහා එරටට පැමිණ සිටි ඇමෙරිකන් හමුදා භටයන් පනස් අටදහස් දෙසිය විස්සක් මියගියහ. මේ යුද්ධය අවසන් වන විට ඇමෙරිකාව ඒ සඳහා ඩොලර් බිලියන ගණනාවක් වියදම් කර තිබිණ. අනුන්ගේ රටේ තිබෙන යුද්ධයකට ඇමෙරිකානුවන්ගේ බදු සල්ලිවලින් එපමණ මුදලක් වියදම් කිරීම ගැනත් ඇමෙරිකානුවන් පනස් අටදහස් දෙසිය විස්සක් යුද්ධයට බිලිදීම ගැනත් ඇමෙරිකානු ජනයා කෝපයට පත්වූහ. මේ යුද්ධයෙන් ජය ලැබුවේ සෝවියට් සංගමයේ සහයෝගය ලැබූ උතුරු වියට්නාමයයි. එනම් මෙම යුද්ධය අවසානයේ දී ඇමෙරිකාව පරාජයට පත්ව තිබිණ. උතුරු වියට්නාමයේ ගරිල්ලා නායකයා වූ හෝ චි මිං දකුණු වියට්නාමය ද එකතු කරගෙන කොමියුනිස්ට් රාජ්‍යයක් පිහිටු වීය. ඒ කොමියුනිස්ට් රාජ්‍යය අදටත් තිබේ. මෙහිදී තවත් වැදගත් දෙයක් විය. එනම් යුද්ධයේ දී ඇමෙරිකානුවන් පනස් අටදහස් දෙසිය විස්සක් මියගියාට අමතරව තවත් ඇමෙරිකන් සෙබළුන් විසිපන්දහසක් පමණ අතුරුදන් වූ බවය. එම සෙබළුන් අදටත් ගෙදර පැමිණ නැති බැවින් වියට්නාම් යුද්ධයෙන් මියගිය ඇමෙරිකානුවන්ගේ සම්පූර්ණ ගණන අසූදහසක් පමණ වෙතැයි විශ්වාස කරනු ලැබේ…..|තව කියවන්න දිවයින

Share this :