විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු හය දෙනෙකුගේ වැඩ තහනම්
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළුව 06 දෙනෙකුගේ සේවය ඊයේ දින (05) අත්හිටුවා වැඩ තහනම් කර ඇත. පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශගත කිරීමේ වංචාව සම්බන්ධයෙන් මේ පියවර ගෙන ඇත.
පළමුවරට ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත්ව යාමේ දී ඔවුන් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව, වංචා සහගත ලෙස නිදහස් කොට රුපියල් කෝටි 250ක පමණ මූල්‍ය වංචාවක් සිදුකිරීම පිළිබඳව පසුගියදා මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිණි. එමෙන්ම රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුව) ද මේ පිළිබඳව කරුණු විමසා තිබිණි. ඒ අනුව විදේශ කාර්යාංශය මේ පිළිබඳව කළ විමර්ශනයකට අනුව එම නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇත…..|තව කියවන්න දිවයින