Wednesday, June 25, 2025
Local News

විපක්ෂයේ පුළුල් එකමුතුවකට සජබ නායකත්වය ගන්නවා -සජබ : තිස්ස අත්තනායක

0

දේශපාලන සන්ධානය හදන්නේ එජාපය සමඟ එක්වීමක් නොවෙයි… බහුතරයට බලය දීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්… කොළඹ බලය ගන්න අපිත් උත්සාහ කරනවා…

සමගි ජන බලවේගය සහ එජාපය අතර ඇති වූ එකඟතාව කුමක්ද? පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළ සහ විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ ඇතිකර ගැනීමට නියමිත එකඟතා මොනවාද? යන්න පිළිබඳව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

පසුගිය කාලය තුළ දැඩි ප්‍රතිරෝධයක් තිබූ පක්ෂ දෙකක් වන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ ආකාරයට හදිසියේම එකඟතාවකට පැමිණීමට හේතුව කුමක්ද?

“එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය තුළ සිටින්නේ කාලයක සිට එකට දේශපාලන කටයුතු කළ කණ්ඩායමක්. අප 2020 වර්ෂයේදී වෙන් වුණේ යම් යම් හේතු ඇතිවයි. ඒත් අප දෙපක්ෂය අතර ලොකු ප්‍රතිපත්ති ප්‍රතිරෝධයක් තිබුණේ නැහැ. අනෙක අප දෙගොල්ලන් එක්වීම තුළ අප පක්ෂ දෙකටම දේශපාලන ජයග්‍රහණ සහ වාසිදායක තත්ත්වයන් ඇති කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමක් මෙම එකඟතාව තුළ තිබෙනවා. අප නැවත එකඟතාවක් ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡා පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර සිටම සාකච්ඡා කළා. එහෙත් විවිධ හේතු නිසා එම සාකච්ඡා කල්ගියා. දැන් අපට හැකියාව ලැබී තිබෙනවා කල්ගිය එකඟතාව නැවත ඇති කර ගැනීමට.”…..|තව කියවන්න දිනමිණ

Share this :