වියට්නාම ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවට ඇවිත් පාද යාත්‍රා යනවා! වහා පියවර ගන්න! මල්වතු මහනාහිමියෝ
බෞද්ධ විරෝධි කටයුතු හේතුවෙන් මීට පෙර තායිලන්තයෙන් හා ඉන්දුනීසියාවෙන් පවා පිටුවහල් කළ වියට්නාම් ශ්‍රමනවේශධාරීන් පිරිසක් මෙරටට පැමිණ පාද යාත්‍රා සිදු කිරීම වහාම නවතා දැමීමට පියවර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙසත් ඉල්ලා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
ලේ අන් ටූ ඇතුළු මෙම පිරිස විවිධ බෞද්ධ විරෝධි කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිරිසක් බවද එම පිරිස වියට්නාමයේ තහනම් සංවිධානයක පිරිසක් බව වියට්නාම් හෝ චිං මින්ග් ජාත්‍යන්තර බෞද්ධ දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය කිව් නාත් ටූ භික්ෂුන් වහන්සේ තමන් වහන්සේ දැනුවත් කර ඇති බවද උන්වහන්සේ එමගින් දැනුම් දී තිබේ.…|තව කියවන්න මව්රට