වෙළෙඳසල්වලින් නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ අවධානය
වෙළෙඳසල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය කෙරෙහි ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානය යොමු කර තිබෙනවා.
ඒ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10(1)බී වගන්තිය යටතේ 2008 ඔක්තෝබර් 17 දිනැතිව පරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන ලද විධාන අංක 26 මඟින් පනවා ඇති පරිදි කිසියම් වෙළෙන්දකු විසින් භාණ්ඩ විකුණන අවස්ථාවේ නිකුත් කරන කුමන වර්ගයේ හෝ බහාලුම් මලු/ එතුම් සඳහා පාරිභෝගිකයන්ගෙන් කෙළින්ම හෝ අන්‍යාකාරයකින් කිසිදු මුදලක් අය කරගැනීම නොකළ යුතු බවට නියම කර නිකුත් කර තිබූ ගැසට් නිවේදන බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 මාර්තු 28 දිනැතිව දුන් තීන්දුවේ පිටපතක් ලැබෙන තෙක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට නොහැකි වී ඇති බව මෙහිදී අනාවරණය වී ඇත|තව කියන්න ITN