ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට සැලසුම්
ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් අතර සිදුවිය.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකාවෙන් ශීත කළ තත්ත්වයෙන් අපනයනය කරනු ලබන මසුන් සඳහා කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතී. ඉදිරියේදී දේශීය මිල ගණන් ගැලපීමෙන් අනතුරුව, ලංකා ධීවර සංස්ථාව සමඟ එක්ව මෙම අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ…..|තව කියවන්න CRI online