ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්ද නයිරෝබියේදී උත්සවාකාරයෙන් සැමරේ
කෙන්යාවේ ශ්‍රී ලාංකික සංගමය, එහි සභාපති ලසිත පෙරේරාගේ නායකත්වයෙන් අප්‍රේල් 22 වන දින නයිරෝබිහි සික් සමාජ ශාලාවේදී උත්කර්ෂවත් අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය. සංස්කෘතික අභිමානය, එකමුතුකම සහ ප්‍රජා ශක්තිය උද්යෝගිමත් ලෙස විදහා දැක්වූ මෙම විචිත්‍රවත් අවස්ථාව වෙනුවෙන් කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ එරට පදිංචි ශ්‍රී ලාංකිකයන් 500කට අධික පිරිසක් ඒකරාශී වූහ.
කෙන්යාවේ EFL ලොජිස්ටික්ස් ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කරන ලසිත පෙරේරා මහතා, සහභාගි වූවන් උණුසුම් ලෙස පිළිගත් අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවගේ නොසැලෙන සහයෝගයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. සංස්කෘතික එකමුතු බවේ වැදගත්කම සහ විදේශයන්හි ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවක් වර්ධනය කිරීමේදී සංගමයේ කාර්යභාරය ඔහු සිය කතාවෙහිදී අවධාරණය කළේය…..|තව කියවන්න දිවයින