ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් – ලෝක බැංකුව
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයට පත්ව හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක සිටින බව ලෝක බැංකුව පවසයි.
මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව පැවසීය.
ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සෑම කෙනෙකුටම බලපාන සහ විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා, රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කළ හැකි බව ද ලෝක බැංකුවේ ද්විවාර්ෂික ‘Sri Lanka Development Update’ නම් වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා සඳහන් කරයි…|තව කියවන්න Divaina