Monday, June 23, 2025
Local News

ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනයට ලෝක බැංකුවේ සහාය

0

ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන අභිලාෂවලට සහාය වීමට ලෝක බැංකුව කැපවී සිටින බව ලෝක බැංකුවේ සභාපති Ajay Banga මහතා පවසයි.

යටිතල පහසුකම්, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල අඛණ්ඩ සහයෝගීතාව තිරසර ප්‍රගතියක් සහතික කිරීමේ ප්‍රධාන සාධක බව පෙන්වා දෙන ඒ මහතා තිරසර අනාගතයක් සඳහා සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව සඳහන් කර ඇත. සංචාරයක් සඳහා මෙරටට පැමිණි ලෝක බැංකුවේ සභාපති Ajay Banga මහතා සිය සංචාරය අතරතුර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා හමු වූ අවස්ථාවේ මේ බව කියාසිටියේය. මෙරට සංවර්ධන ගමන පුරාවට ලෝක බැංකුවේ නොසැලෙන සහයෝගය සම්බන්ධයෙන් විජිත හේරත් මහතා එහිදී කෘතඥතාව පිරිනමා තිබේ…..|තව කියවන්න CRI online

Share this :