සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නැයි නාවික හමුදාවට උපදෙස්
ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට සහ ධීවර කටයුතු මුවාවෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.
ධීවර, ජලජීවී වගා සහ සමුද්‍ර සම්පත් අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. ධීවර, ජලජ විද්‍යා හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ධීවර, ජලජ විද්‍යා හා සමුද්‍ර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, අමාත්‍යාංශ දෙකෙහිම ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහ නාවික හමුදාපතිවරයා සහභාගී වී සිටියා…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති