Tuesday, June 24, 2025
Local News

සම්පූර්ණයෙන්ම කියවා හැදෑරිය යුතු ට්‍රම්ප් නමැති ග්‍රන්ථය

0

ලෝකයේ එක් කලෙක වීරයා ලෙනින් ය. ඊළඟ වීරයා ස්ටාලින් ය. ඒ අතර තවත් විටෙක හිට්ලර් දුෂ්ටයා බවට පත්විය. කාලයෙන් කාලයට විවිධ ක්‍ෂේත්‍රවල කප් ගහන මිනිස්සු ලෝක ඉතිහාසය තුළ හිස ඔසවති. ඔවුන් අතරින් වැඩිම තැනක් ලැබෙන්නේ වාමාංශික ලෝකයේ අයට නොව දක්‍ෂිණාංශික ලෝකයේ ආර්ථික වීරයන්ටය. මේ දිනවල ආසියාවේ වීරයා නරේන්ද්‍ර මෝදි ය. කලාපයේ වීරයා චීන ජනාධිපති ය. මේ සියලු දෙනා අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් තිබේ. ඒ වූ කලී ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. මේ මොහොතේ මේ ලෝකයේ ආර්ථික අධිකාරියත්, ධන අධිකාරියත්, යුද අධිකාරියත්, දේශපාලන අධිකාරියත් ඇමෙරිකාවට හිමිව තිබේ.

මේ අනුව ලෝකයේ බලගතුම පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.එක් වතාවක් බලයට පැමිණි ට්‍රම්ප් ඊළඟ වතාවේ දී පරාජයට පත් වී දේශපාලනය නමැති පොත කට පාඩම් කළ බව පෙනෙන්නට තිබේ. ඒ පොත පාඩම් කර ජනාධිපතිවරණය නමැති විභාගයට පෙනී සිටි හෙතෙම විභාගය පාස් වී යළි ජනාධිපති විය. මෙවර සිටින ට්‍රම්ප් මෙතෙක් සිටි ට්‍රම්ප්ට වඩා වෙනස්ය. ඔහු දෙගුණයක් බුද්ධිමත්ය. දෙගුණයක් දැඩිය. තෙගුණයක් ස්ථාවරය. ඔහුගේ අග්‍ර පුරෝහිතයා වන්නේ නූතන ලෝකයේ ආර්ථික යෝධයා වන එලෝන් මස්ක් ය. ඔහු ද සෙල්ලම් බඩුවක් නොවේ. ඇමරිකාව රජයේ ආයතනයක් වන නාසා ආයතනයේ රොකට් යැවීම මේ නොබෝදා පෞද්ගලික අංශයට භාර දුන්නේය. එය භාර ගත්තේ එලෝන් මස්ක්ගේ ස්පේස් X සමාගම ය. දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යවකාශයේ පරීක්‍ෂණ නැවතුම්පළක සිරවී සිටි ගගනගාමීන් හයදෙනකු පොළොවට ගෙන්වා ගැනීමට බැරිව සිටිය දී එම කොන්ත්‍රාත්තුව එලෝන් මස්ක් ට පවරන ලදී. ඔහු වැඩේ හරියටම කළේය. මේ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රමුඛ තෝරා ගැනීම ඉතා වටිනා බව පෙනේ. ඔහුගේ උප ජනාධිපති වන ජේ. ඩී. වෑන්ස් විවාහ වී සිටින්නේ ඉන්දියානු කාන්තාවක් සමගය. ට්‍රම්ප්ගේ ආරක්‍ෂක ප්‍රධානියා ඉන්දියානුවෙකි. ට්‍රම්ප් ප්‍රතිපත්තියක් වශයෙන් ගත් කල පිටරටවලින් එන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට විරුද්ධය. එහෙත් පිටරැටියෙක් තම රටට පැමිණ නීත්‍යනුකූල පුරවැසියකු වූ විට එම පුරවැසියා සාදරයෙන් පිළිගැනීම ට්‍රම්ප්ගේ සිරිත වේ. ට්‍රම්ප් සාමාන්‍යයෙන් නීතිවිරෝධී ලතින් ඇමෙරිකානුවන්ට විරුද්ධය. එහෙත් ඔහුගේ රාජ්‍ය ලේකම් වන්නේ ලතින් ඇමෙරිකානුවකු වූ නාකෝ රූබියෝ ය…..|තව කියවන්න දිවයින

Share this :