Saturday, May 31, 2025
Local News

සමෘද්ධි බැංකු ගැන සෙවූ විද්වත් කමිටුවේ වාර්තාව ඇමති උපාලි පන්නිලගේ අතට

0

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් සමෘද්ධි බැංකු සහ සමෘද්ධි ප්‍රජා මූල සමිති පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත්කළ ස්වාධීන විද්වත් කමිටුව සිය වාර්තාව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භක යුගයේ සිට සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ ප්‍රජාමූල සමිතිවල මූල්‍ය කටයුතු සිදුවූ ආකාරය සම්බන්ධ ගැටලු ගණනාවක් වාර්තා වී තිබීම හේතුවෙන් විධිමත් කරුණු විමසා බැලීමක් සිදුකර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද මෙම කමිටුව බැංකු හා මූල්‍ය, මානව සම්පත් කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් හත්දෙනකුගෙන් සමන්විත වුණා…..|තව කියවන්න දිවයින

Share this :