සහල් ගැන විහිළු කතාවක් නිසා ජපානයේ අමාත්‍යවරයෙකුට ධූරය අහිමි වෙයි
තම ආධාරකරුවන් තෑගි වශයෙන් “ඕනෑ තරම්” සහල් ලබා දෙන නිසා තමාට කිසි විටෙකත් සහල් මිල දී ගැනීමට සිදු නොවූ බව ජපානයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අසා සිටින්නන් එය විහිළුවක් ලෙස සලකා සිනාසෙනු ඇතැයි සිතූ හෙයිනි.
තකු එතෝගේ එම ප්‍රකාශයෙන් ජනතාව කෝපයට පත්වූ අතර, ඔහුට ඒ හේතුවෙන් ඉල්ලා අස්වීමට බල කිරීමට තරම් එය බරපතළ විය. ජපානය වසර ගණනාවකට පසු පළමු වරට ජීවන වියදම් අර්බුදයට මුහුණ දී සිටින අතර සහල් සඳහා එය දැඩි ලෙස බලපා ඇත. වසරක් තුළදී සහල් මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර ආනයනික සහල් පවා සොයා ගැනීම දුෂ්කර වී තිබේ…..|තව කියවන්න BBC NEWS සිංහල