සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල විස්තර වැඩබිම්වල ප්‍රදර්ශනය කරන ලෙසට උපදෙස්
ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල විස්තර මහජනතාව වෙත දැන ගැනීම සඳහා වැඩබිම්වල ප්‍රදර්ශනය කරන ලෙස මුදල් කොමිෂන් සභාව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.
පළාත් සභා විෂයට අදාලව ක්‍රියාත්මක සියලුම ඉදිකිරීම්වල ගුණාත්මකභාවය සහ ඒ සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට අධීක්‍ෂණය කළහැකි වියයුතු බවත් එමගින් අදාල ඉදිකිරීමේ ගුණාතාමකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බවත් මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටී. එම්. යූ. ඩී. බී. තෙන්නකෝන් මහතා එම ලිපියෙන් දැනුම් දී ඇත CRI online