Sunday, June 1, 2025
Local News

සේනක බිබිලේ ගේ සිට රංග වීරක්කොඩිලා දක්වා වෛද්‍ය වෘත්තියේ පරිහානිය

0

වෛද්‍ය වෘත්තිය යනු උත්තම වෘත්තියකි. අතීතයේ රජකම නැත්ත්නම් වෙදකම කියා කීවේ එම නිසාය. වෛද්‍ය වෘත්තිය සලකන ලද්දේ මානුෂික මෙන්ම දයාව පතුරවන රැකියාවක් ලෙසටය. එය මුදලට යට නොකරනු ලැබීය. සේනක බිබිලේ වැනි උත්තම යුග පුරුෂයන් බිහි වන්නේ එවැනි ලෝකයකය. ඔවුන් මුදල් පසුපස හඹා ගියේ නැත. ඔවුන්ට වැදගත් වූයේ රෝගීන්ට සෙත සෑදීමය. එහෙත් සේනක බිබිලේ යුගයෙන් පසුව එළැඹියේ රීරි පිසාචයන් ගේ යුගයකි. එම යුගයේදී මිනිස් වටිනාකම් වෙනුවට පෙරට ආවේ මුදල් සහ සමාජ බලයයි. සල්ලි වෙනුවෙන් උතුම් වෛද්‍ය වෘත්තිය පවා කෙලසීමට මෙම පිසාචයන්ට හැකි විය. මුදල් සහ බලය තිබේ නම් ශ්‍රී ලංකාවේ ඕනම අපරාධයක් කොට නිරුපද්‍රිතව සිටිය හැකි බව නොරහසකි. කෙහෙළියලා බාල බෙහෙත් සහ වියාජ ඖෂධ ගෙන්වා අති විශාල් ධනස්කන්ධයක් උපයා ගනු ලැබීය. මිනිස් ජීවිත පිලිබඳ වගවීමක් ඔවුනට නොවීය. මිනිසුන් මිය ගියද ඔවුන් ගේ ප්‍රධාන අවශ්‍යතාව වූයේ සල්ලි උපයා ගැනීමටය. එසේම නීති විරෝධී වකුගඩු ජාවාරමද පුරා දශකයකටත් අධික කාලයක් සෞඛ්‍ය බලධාරීන් ගේ ඇස් ඉදිරි පිටදීම කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යනු ලැබේ.

නීති විරෝධී වකුගඩු ජාවාරම ලංකාවේ බොහෝ සෙයින් පැතිරී තිබේ. ඉන්දියානු  පොලිසිය විසින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පිරිසක් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන බවට තොරතුරු එවනු ලැබීය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කොට මෙකී ජාවාරම පිලිබඳ විමර්ශනය කරනු ලැබීය. ජයසුන්දර කමිටුව ලෙස හැඳින්වූ  වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ මූලිකත්වයෙන් යුත් එම  කමිටුව මගින් වකුගඩු ජාවාරමේ නිරත වූ රංග මිගාර වීරක්කොඩි , හබිබා සහීබ්,  චමිලා, නිරෝශනී   , මොනික් අඹේපිටිය  යන වෛද්‍යවරුන් හඳුනා ගනු ලැබීය. මෙම කමිටු වාර්තාව  එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට බාර දෙන ලදි. නමුත් මේ වන විට  ජයසුන්දර කමිටු වාර්තාව වකුගඩු මාෆියාව විසින් විශාල මුදලක් ගෙවා අතුරුදහන් කොට තිබේ.….|තව කියවන්න Lankaweb

Share this :