හරිත මූල්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහා සාකච්ඡාවෙන් ඔබ්බට යා යුතුයි
හරිත මූළ්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දීම පිලිබඳ සාකච්ඡා සහ සංවාදයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වියයුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
කොළඹ සිටි සෙන්ටර් හි පිහිටි මැරියට් බොන්වෝයි හෝටලයේ පැවති දේශගුණික ක්‍රියාමාර්ග සඳහා තිරසාර මූල්‍යකරණය සහ කාබන් වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) පැවති සැසියට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය. තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා නව මුලපිරීම් කරා යොමු වන හරිත මූල්‍යකරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ සැසිය අග්‍රාමාත්‍ය කාර්යාලය, පරිසර අමාත්‍යාංශය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (GGGI) එක්ව සංවිධානය කර තිබිණි.….|තව කියවන්න අග්‍රාමාත්‍ය කාර්යාලය