Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

1638 උඩරට වෙස්ටර් ගිවිසුම

0

ක්‍රි.ව.1505 දී පෘතුගීසීන් ලක්දිවට පැමිණි අතර ඔවුන් ක්‍රි.ව.1597 වන විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය නිත්‍යානුකූලව අල්ලා ගත්හ. නමුත් පෘතුගීසීන්ගේ පෙරදිග නාවුක ගමනාගමනය පිලිබඳ රහස් හෙළිවීමත් සමඟ ලන්දේසීන් ලක්දිවට පැමිණීම සිදුවිය.

මේ වනවිට සෙංකඩගල රාජධානියේ රාජ්‍යත්වයට පත්ව සිටි පළමුවන විමලධර්මසූරිය රජු සමග ලන්දේසීන් දෙවතාවක්ම සබඳතා ඇති කරගැනීමට උත්සාහ කළත් අසාර්ථක විය. නමුත් ඔහුගෙන් පසු සෙනරත් රජු රාජ්‍යත්වයට පත් වූ අතර ඔහුගේ පුත්‍රයෙකු වූ දේවරාජ කුමරු අනතුරුව දෙවන දෙවන රාජසිංහ රජු ලෙස රාජ්‍යත්වයට පත් විය. රාජ්‍යත්වයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ එකම අරමුණ වූයේ පෘතුගීසීන් ලක්දිවින් පලවා හැරීමයි. එහිදී දෙවන රාජසිංහ රජු ලංදේසින්ගේ ආධාර ලබා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන රාජසිංහ රජු සහ ලන්දේසි කපිතාන් වෙස්ටර් වෝල්ඩ් අතර 1638 දී ගිවිසුමක් ඇතිකර ගන්නා ලදී. මෙය සිංහල හා ලන්දේසි බසින් පිටපත් දෙකකින් යුතුව සැකසුණි. නමුත් එම පිටපත් දෙක ලන්දේසීන් විසින් උපක්‍රමශීලීව ලන්දේසීන් හට මුහුදු බඩ ප්‍රදේශ අත්වන ලෙස වෙනස්කම් සහිතව සැකසිය.

Share this :