Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

1755 කේප් ඇන් භූමිකම්පාව

0

1755 නොවැම්බර් මස 18 දින කේප් ඇන් භූමිකම්පාව සිදු වුයේ මැසචුසෙට් බොක්ක පලාතෙහි ‍බ්‍රිතාන්‍ය වෙරල තීරයට නුදුරින්‍ ය(වර්තමානයේ එය ඇමෙරිකානු පොදු රාජ්‍ය මණ්ඩල මැසචුසෙට් යයි).රිච්ටර් මපකයේඅංශක 6.0-6.3 අතර සිදුවු මෙම භුමිකම්පාව, මැසචුසෙට් ඉතිහාසයේ සිදුවු විශාලතම භුමිකම්පාවය.එය බෝස්ටන්හි ගොඩනැගිලි සිය ගණනක් විනාශ කල අතර, නෝවා ස්කෝශියා වැනි උතුරුකරයේ ඈත ප්‍රදේශ වලට හා දකුණු කැරොලිනාව වැනි දකුණුකරයේ ඈත ප්‍රදේශ වලටද දැනුනි. වෙරළෙන් සැතපුම් 200ක් (කිලෝමිටර් 320) ඈතින් යාත්‍රා කල නැව් වල සිටි නාවිකයන්ට පවා සෙලවීම දැනුන අතර, ඔවුන් නැව මුහුදුබත් වේයැයි බියට පත් විය.බූස්ටන් සහ අවට වැසියෝ භුමිකම්පාව දෙවියන් වෙත ආරෝපිත කල අතර, ක්‍ෂණික ආගමික ලැදිකමක් නගරය පුරා ඇති විය.මීට සමාන භුමිකම්පාවක් වර්තමානයේ බූස්ටන්හි සිදුවුවහොත් එහි ප්‍රථිඵල ලෙස ඩොලර් බිලියන 5 ක භෞතික හානියක් හා මරණ සියගණනකට වග කියනු ඇති බව නවීන අධ‍‍ය‍නයන් පෙන්වා දෙයි

-විකිපීඩියා වෙතින්

Share this :