Friday, May 16, 2025
International

2025 වසරේ ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වන බවට අ‍පේක්ෂා

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම “ලෝක ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව” නිකුත් කරයි. ඊයේ(22) නිකුත් කළ එම වාර්තාවේ පුරෝකථනයන්ට අනුව, 2025 වසරේදී ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය 1.8% දක්වා මන්දගාමී වනු ඇති අතර, එය ජනවාරි මාසයේ පුරෝකථනයට සාපේක්ෂව 0.9% කින් පහළ යාමකි. සංවර්ධිත ආර්ථිකයන් අතරින් විශාලතම පහත වැටීමේ ගැලපුම මෙයයි.

ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය ඉහළ යාම, වෙළඳ නොසන්සුන්භාවය සහ ඉල්ලුම දුර්වල වීම යනාදිය ආර්ථික වර්ධන වේගය පහත වැටී මේ පුරෝකථනයට ප්‍රධාන හේතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025දී ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු සංවර්ධිත ආර්ථිකයන්ගේ සමස්ත උද්ධමන පුරෝකථනය  2.5% දක්වා ඉහළ නංවා ඇති අතර එය ජනවාරි මාසයේ පුරෝකථනයට සාපේක්ෂව 0.4% කින් වැඩි වී තිබේ…|තව කියවන්න China Radio International (CRI)

Share this :