2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
2025 පළමු කාර්තුව තුළ සේවා අපනයනය 10.88%කින් ඉහළට 2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.
අද(23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 4,212.13 දක්වා ළඟා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.87% ක වර්ධනයක් බවයි.
2025 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,507.90 දක්වා ළඟා වී ඇත. මෙය 2024 මාර්තු මාසයට සාපේක්ෂව 6.24% ක ආකර්ෂණීය වාර්ෂික වර්ධනයක් සහ 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 11.76% ක මාසික වැඩිවීමකි…|තව කියවන්න news.lk