2025 වසරේ ලොව ප්‍රීතිමත් ම නගර 5 මෙන්න
මිතුරන්, පවුල සහ ප්‍රජාවක් පිළිබඳව වන හැගීම්වලින් ප්‍රීතිය අත්කර ගත හැකි නමුත්, ජීවත් වන පරිසරය ද ඔබගේ යහපැවැත්මට බවට විශාල බලපෑමක් ඇති කරන්නේය. එසේ නම්, “ප්‍රීතිමත් නගරයක්” යනු කුමක් ද?
ඒ පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ජීවිතයේ ගුණාත්මකභාවය සඳහා වන ආයතනය (Institute for the Quality of Life) 2025 වසර සඳහා වන එහි ප්‍රීතිමත් නගර දර්ශකය (Happy City Index) පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එමගින් පුරවැසියන්, පාලනය, පරිසරය, ආර්ථිකය, සෞඛ්‍යය හා සංචලතාව යන ප්‍රධාන ප්‍රභේද හයක් සහ ඒවා යටතේ වන අනුදර්ශක 82ක් ඔස්සේ අධ්‍යයනය සිදු කෙරිණ. එම දර්ශකය මගින් ජීවිතයේ ගුණාත්මක බවට දායකත්වය සපයන ප්‍රතිපත්ති පිළිබඳව වන මානයන් මෙන්ම, ඒවා ක්‍රියාවට නැංවීම හා ඒවායින් වැසියන්ට ඇති කෙරෙන බලපෑම ගණනය කරනු ලැබීය…..|තව කියවන්න BBC NEWS සිංහල