Sunday, June 8, 2025
Local Newsආගමික

18 අවුරුද්දකට පසු අපට ලැබෙන හොඳම ආධ්‍යාත්මික අත්දැකීම

0

දැනට සහතික කරගත් පුරාවිද්‍යාත්මක සාක්‍ෂිවලට අනුව සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ ක්‍රි. පූ. 566 දීය. ක්‍රි. පූ. 531 දී උන්වහන්සේ බුද්ධත්වයට පත් වූහ. බුදුන් වහන්සේගේ සම්පූර්ණ ආයු කාලය අවුරුදු 80කි. ඒ අනුව උන්වහන්සේ ක්‍රි. පූ. 486 දී පරිනිර්වාණයට පත්වී යැයි විශ්වාස කෙරේ. පරිනිර්වාණයට පෙර, මාරදිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේට පරිනිර්වාණය සඳහා ආරාධනා කරන ලද කල්හි, බුදුහු ආනන්ද හාමුදුරුවන්ට මෙසේ කියා වදාළහ. ආනන්ද, මගේ ශරීරය දැන් සමාන වන්නේ අතනින් මෙතැනින් එකතු කර ගැටගසන ලද දිරාපත්වුණු කරත්තයකට යි. ඒ නිසා පරිනිර්වාණය සඳහා කාලය පැමිණ තිබේ. මෙසේ වදාළ උන්වහන්සේ, වෛශාලී නුවරට ද අනතුරුව පාවා නුවරට ද වැඩම කළහ. එහිදී චුන්දකම්මාර පුත්‍රයා විසින් පිරිනමන ලද බිම්මල් දානයක් උන්වහන්සේ වැළඳූහ. අනතුරුව උන්වහන්සේගේ රෝගාතුර බව බරපතළ වූහ. ඒ බව දුටු ආනන්ද ස්ථවිරයෝ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ගත යුතු පියවර ගැන විමසී යැයි කියනු ලැබේ. එවිට උන්වහන්සේ සිය ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් ගත යුතු පියවර කියා දුන්හ.…|තව කියවන්න දිවයින

Share this :