මාලිමා ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු ලයිස්තුව – සජිත්
රටේ ජනතාව මැතිවරණ දෙකකට මුහුණ දී අද වන විට තීරණාත්මක ගමේ නගරයේ ඡන්දයට නැවත වරක් මුහුණ දෙන අවස්ථාවක ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී රජයට ලබා දුන් ජන වරමින් අපේක්ෂා කළ දේ සුබ නැකතින් අනුරට රට බාර දී පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු පත්‍රිකාවෙන් කොපමණ ප්‍රමාණයක් ඉටුව ඇත් ද යන්න සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
බලයට පැමිණි පසු 35000ක් උපාධිධාරින්ට පළමු අයවැයෙන් රැකියා ලබා දෙනවා කිව්වත් එය ද කඩ කළ බවත් හාල්, පොල්, කිරිපිටි, ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු බඩු මිල, තෙල් මිල, විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් මෙන්ම නව අයි එම්එෆ් ගිවිසුමකට ද යනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයා කියූ කිසිවක් වුණ පොරොන්දුවක්වත් ඉටු නොකර ඇති බවත් මේ මොහොත වන විට පොරොන්දු කඩ කිරිම හා බොරු කීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් පවා පිහිටුවා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.…|තව කියවන්න මව්රට