යල කන්නය සඳහා පොහොර ප්‍රමාණවත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය තහවුරු කරයි
පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් ඊයේ (02) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. පොහොර සමාගම් සමඟ අද දින සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ඔවුන් සන්තකයේ පොහොර පවතින බව අමාත්‍යාශය විසින් තහවුරු කර ගන්නා ලදී.
යල කන්නය සඳහා පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, විශේෂයෙන් TSP පොහොර මෙන්ම ප්‍රධාන වශයෙන් භාවිත කරන යූරියා පෙර පැවති මිල ගණන් යටතේ පවත්වාගෙන යන බවට පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් සිය එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව ලෝක වෙළඳපොළේ පොහොර මිල වැඩි වුවද, MOP පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, පොහොර තොග අවශ්‍ය පරිදි පවතින බැවින් පොහොරවල මිල වැඩිවීමක් හෝ හිඟතාවයක් නොපවතින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා සඳහන් කළේය…..|තව කියවන්න news.lk