Tuesday, June 24, 2025
Local News

ජපාන ආරක්ෂක ඇමති සහ ශ්‍රී ලංකා අගමැතිනිය අතර හමුවක්

0

ජපාන ආරක්ෂක අමාත්‍ය ගෙන් නකටානි මහතා අද (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී යළි තහවුරු කෙරුණු අතර, විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් තහවුරු කළේය. සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය…..|තව කියවන්න news.lk

Share this :