Monday, June 23, 2025
Local News

ගැරඬිඇල්ලේ ඛේදවාචකය සහ මහ පාරේ අනාගතය

0

ලෝකයේ පළමු වන මෝටර් රථ අනතුර 1771 දී ප්‍රංශයේ පැරිස් නුවර දී සිදු විය. මේ කියන කාලයේ දී නිකොලස් ජෝෂප් කග්නොට් නමැති මහතෙක් වාෂ්පවලින් වැඩකරන මෝටර් රථයක් අත්හදා බලන්නට ගියේය. මෙය පාරේ ධාවනය වෙමින් තිබෙන අතර තාප්පයක හැප්පිණ. තාප්පයට හා මෝටර් රථයට තුවාල වූ නමුත් ඩ්‍රයිවර්ට තුවාල වුණේ නැත. මෙයින් අවුරුදු බොහෝ ගණනකට පසු 1869 අගෝස්තු 31 වැනිදා අයර්ලන්තයේ මහ පාරක වාෂ්ප එන්ජිමක් සහිත මෝටර් රථයක් ධාවනය විය. රථය ගමන් කරමින් තිබුණේ පැයට සැතපුම් 4 ක වේගයෙනි. මේ අතර රථය වංගුවක් ගැනීමට යෑමේ දී එහි සිටි මහත්මියක් මහ පාරට වීසි වූවාය. රථය රියැදුරාගේ පාලනයෙන් ගිලිහුණු අතර බිමට වැටුණු කාන්තාවගේ ඇඟ උඩින් එය ගමන් කළේය. මෙකල මෝටර් රථවල රෝද තනිකර යකඩවලින් සාදා තිබුණි. මේ යකඩ කඳන් තොගය කාන්තාවගේ ඇඟ උඩින් ගිය බැවින් ඇය තැළී පොඩිවී මිය ගියාය. ඒ දිනවල මෝටර් රථයක නීත්‍යනුකූල වේගය පැයට සැතපුම් 4 කි. මෙය පැයට සැතපුම් 16 දක්වා නැංවිය යුතු බවට බි්‍රතාන්‍ය රජය කල්පනා කරමින් සිටියේය. පෙර කී රිය අනතුර ආරංචි වූ සැණින් බි්‍රතාන්‍ය බලධාරීන් පැයට සැතපුම් 16 වේග සීමාව සිය කැමැත්තෙන්ම ඉවත් කර ගත් අතර තවත් බොහෝ කලක් යනතුරු පැයට සැතපුම් හතරේ වේග සීමාව ක්‍රියාත්මක විය…..|තව කියවන්න දිවයින

Share this :