Sunday, June 8, 2025
FeatureNews

බෞද්ධාලෝක වෙසක් කලාපය අද සිට ලබන 14 දක්වා

0

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධ සම්මේලන පරිශ‍්‍රයේදී බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින්  අද සවස 6.00 ට ආරම්භ වේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ට මහතාගේ මගපෙන්වීම යටතේ බෞද්ධාලෝක වෙසක් ප‍්‍රධාන සංවිධායක උපුල් රූපසිංහ මහතා ප‍්‍රමුඛ සංවිධායක කමිටුව මෙම වැඩසටහන සංවිධානය කරයි.
මැයි 12 සිට ආරම්භ වන බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 14 වන දින දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇතැයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති වෛද්‍ය රානි ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.
බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ 24 වෙනි වරටය. මහනුවර ෙඓතිහාසික රටේමුල්ල රාජමහා විහාරස්ථානයෙන් වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට අලංකාර පෙරහැරකින් සම්මේලන පරිශ‍්‍රයට ප.ව.6.00 ට වැඩම කරන සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා ප‍්‍රථම අෂ්ටපාන ගිලන්පස සහිත මල් පහන් පූජා කිරීමේ චාරිත‍්‍ර ධර්මයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපයේ කටයුතු ආරම්භ කිරීම සිදු වේ…..|තව කියවන්න news.lk

Share this :