Sunday, June 22, 2025
International

සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඊශ්‍රායල නියෝජිත පිරිසක් කටාර් රාජ්‍යයට

0

ගාසා නව සටන් විරාම ගිවිසුම හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ එකඟාතවක් වෙනුවෙන් සාකච්ඡා කිරීමට ඊශ්‍රායල ‍නියෝජිත පිරිසක් අද ( 13) කටාර් බලා පිටත්ව යන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු මහතා ගේ කාර්යාලය පවසයි.එම සාකච්ඡා හමුදා පීඩනය එල්ල කරන අතරතුර සිදු කිරීමේ ප්‍රතිපත්තිය මත පැවැත්වෙන බව ද එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, මැද පෙරදිග පිළිබඳ ඇමරිකා විශේෂ නියෝජිතයා හා ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ‍ජෙරුසලමේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගැනිණ. ගාසා තීරයේ හමුදා මෙහෙයුම් පුළුල් කිරීමට පෙර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ එකඟාවකට එළඹීම කෙරෙහි එම රැස්වීමේදී අවධානය යොමු කෙරිණ…..|තව කියවන්න CRI online

Share this :