කාන්තාවන්ට සේවා ස්ථානය ආරක්ෂිත තැනක් බවට පත්කිරීම අතිශය වැදගත් – අග්‍රාමාත්‍ය
රැකියාවේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු විය යුතු බවත්, රැකියා ස්ථානත තුළ කාන්තාවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මහනුවර කරළිය ශාලාවේ අද (15) පැවැති සමස්ථ ලංකා හෙද සංගමය සංවිධානය කළ ජාත්‍යන්තර හෙද දිනය – 2025 සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. හෙද වෘත්තිය හඳුන්වා දුන් ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 205 වන උපන්දිනයත්, ලෝකය පුරා හෙද හෙදියන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කරන සාකච්ඡා මණ්ඩපයක් නිර්මාණය කර ගැනීමත්, හෙද හෙදියන් සැමරීමත් අරමුණු කර ගනිමින් “අපේ හෙදිය අපේ අනාගතයයි – හෙදියන් රැක බලාගැනීම ආර්ථිකය ශක්තිමත් කරයි” යන තේමාවෙන් මෙවර ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලැබීය…..|තව කියවන්න news.lk