ටිරාන් අලස්: හරක් කටාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන TIDයෙන් විශේෂ විමර්ශනයක්
පාතාල සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ ඇති ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න මැයි 14 වන දා අධිකරණ පරිශ්‍රයේදී හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් එම විමර්ශනය සිදු කරන බව ය. හරක් කටා මාධ්‍යවේදීන් හමුවේ කළ එම ප්‍රකාශය සැලසුම්සහගතව සිදු කරන ලද්දක් බවට හිටපු අමාත්‍ය ටිරාන් අලස් නියෝජනය කරමින් ඔහුගේ සමීපතමයෙකු බීබීසී සිංහල සේවයට ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අපි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසීමක් කළෙමු…..|තව කියවන්න BBC NEWS සිංහල