විදුලි ගාස්තු ඉහළට?
විදුලි ගාස්තු 18.3% කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.පිරිවැය පියවා ගැනීම සඳහා මෙම පියවර ගත යුතුව ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. ලබන ජුනි 01 වනදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.
විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බැවින් ගාස්තු වැඩි කිරීමේ තත්ත්වයත් මතු වුණා.විදුලිබල මණ්ඩලය මෙම වසරේ මාර්තු 31 වනදායින් අවසන් වූ කාර්තුවේදී රුපියල් බිලියන 18.47 ක අලාභයක් ලබා ඇති බව මූල්‍ය වාර්තා පෙන්වා දෙනවා.එමෙන්ම එම මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 84.67 ක අලාභයක් වාර්තා කළා.එමෙන්ම මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රුපියල් බිලියන 167.78 සිට රුපියල් බිලියන 93.92 දක්වා සියයට 4 කින් පහළ ගොස් තිබෙනවා.මෙවැනි වටපිටාවක් තුළයි සියයට 18.3 කින් විදුලි බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත්තේ.
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේදී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහළ දැමීමටයි යෝජනා කර ඇත්තේ. කෙසේ වුවද මේ පිළිබද අනුමැතිය සහ අවසන් තීරණය ලබා දෙන්නේ මහජන උපයෝගීතා කොමිසමයි.