Friday, June 27, 2025
shortnews

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම ඇරඹේ

0

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත්කල විද්වත් කමිටුවක් මඟින් ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් පවති.

නව පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගැනෙන ප්‍රමිතීන්ට අනුගත වීම අදහස් කෙරේ.

Share this :