Sunday, June 8, 2025
shortnews

බහුතරය ඇති පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීමට විපක්ෂයේ සූදානමක්

0

2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනයන් හි විපක්ෂයේ සෙසු පාර්ශ්වයන් සමග එක්ව බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරාළ මහත්මිය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අද (19) පැවති විශේෂ සාකච්ජාවක දී මෙම තීරණය ගත් බවයි.

එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් ද සහභාගී වී තිබේ.

Share this :