රණවිරුවනි රට වෙනුවෙන් අපි ඔබට මෙසේ ආචාර කරමු
1983 ජූලි 23 වැනිදා පටන් ගත් ශ්‍රී ලංකාවේ ත්රස්තවාදීන් පරාජය කළ යුද්ධය හරියටම අවසන් වුණේ 2009 මැයි 17 වැනිදා ද නොඑසේ නම් මැයි 18 වැනිදා ද යන්න මතභේදයට තුඩු දී තිබේ. (එහෙත් යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 ජූලි 27 දා උතුරේ ත්රස්තවාදීන් කණ්ඩායමක් විසින් ඝාතනය කිරීම හා රහස් පොලිස් පරීක්ෂක ටී. එල්. බී. බස්තියන්පිල්ලේ 1978 එවැනිම පිරිසක් විසින් ඝාතනය කිරීම හරහා මෙරට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඉතිහාසය තවත් ඈතට විහිදෙන්නේය.)
කොටි සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රධානියා වූ සෙල්වරාසා පද්මනාදන් 2009 මැයි 17 වැනිදා නිවේදනයක් නිකුත් කළේය. එහි මෙසේ සඳහන් විය. “අපගේ සංග්‍රාමය තිත්ත අවසානයක් කරා යොමුවී තිබේ. එබැවින් අපගේ තුවක්කු නිහඬ කිරීමට අපි තීරණය කළෙමු. අපට ඇති එකම කනගාටුව වන්නේ තවදුරටත් සටන් කිරීමට අපට හැකියාවක් නොමැති වීමත්, මියගිය අපගේ මිනිසුන් පිළිබඳවත්ය.”…..|තව කියවන්න දිවයින