Monday, June 23, 2025
International

සංවර්ධන සහයෝගීතාවයන් තුලින් දරිද්‍රතාවය අඩු කිරීම

0

2025 මැයි 15 වන දින, දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ 2025 චීන-දකුණු ආසියානු සංසදය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹදී පැවැත්විණි. චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායමේ CICG සභාපති ඩු ෂැන්යුවාන, ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං, ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ෆහීම් උල් අසීස් සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් චාන්සරි ප්‍රධානී ජන්නතුල් හබීබ් යන මහත්වරු සහභාගී වූහ. යුරෝපය සහ ආසියාව සඳහා වූ CICG මධ්‍යස්ථානයේ (චීන පින්තූර ප්‍රකාශන) උප සභාපති ගාඕ ෂින් මහතා විසින් මෙම සංසදය මෙහෙයවන ලදී. මෙම සංසදය සඳහා චීනය, ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළු අනෙකුත් රටවලින් 80 කට අධික පිරිසක් සහභාගී වූහ. රජයේ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විද්වතුන්, විශේෂඥයින්, මාධ්‍ය ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ඇතුළු, මෙම අවස්ථාවට නියෝජිතයින් ”දකුණු ආසියාවේ සංවර්ධනය සඳහා කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම” යන තේමාව යටතේ ගැඹුරු ලෙස සාකච්ඡා පැවැත්වූහ…..|තව කියවන්න අරුණ

Share this :