Sunday, June 8, 2025
shortnews

ධීවර ප්‍රජාව සදහා හදිසි අනතුරු රක්ෂණාවරණයක්

0

ධීවර ප්‍රජාව සදහා හදිසි අනතුරු රක්ෂණාවරණයක් හදුන්වාදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.ධීවර කර්මාන්තයේ පවතින අවධානම් සහගත ස්වභාවය හේතුවෙන් ඔවුන්ට සිදුවිය හැකි අනතුරු ඉහළ මට්ටමක පවතිනවා.ඒ පිළිබදව රජයේ විශේෂ අවධානය යොමුවු බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ.ඒ අනුව ධීවර කර්මාන්තයේ පූර්ණ කාලීනව නිරත වන පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් රක්ෂණාවරණය හදුන්වාදිමේ සැලසුම්වලට ඇතුලත් වනවා.වාර්ෂිකව සක්‍රීය කළ හැකි පරිදි මෙම හදිසි අනතුරු රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

රැකියාවේ නිරත වන අවස්ථාවල දී සිදුවිය හැකි අනතුරු / අකර්මණ්‍යතා හා ජිවිත හානි ආදි අවස්ථාවලදී මෙම රක්ෂණ ක්‍රමවේදය මගින් ධීවරයන්ට ප්‍රතිලාභ සැලසෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා | මුල් පුවත ITN News

Share this :