Tuesday, June 24, 2025
Local News

සියලු කණ්ඩායම් දූෂිත නෑ… දූෂිත කැටගරිය සභාවෙන් සභාවවට වෙනස්…! – ඇමති විජිත

0

කණ්ඩායම්වලට මුවා වී දූෂිතයින් එන බව මැතිවරණයට පෙර ආණ්ඩුව පැවසූ නමුත් එසේ පත්ව ඇති ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් සියලු දෙනාම දූෂිතයන් නොවන බව විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසයි.

“එක්සත් ජාතික පක්ෂයේ, පොහොට්ටුවේ, සමගි ජන බලවේගයේ කණ්ඩායම්, පුද්ගලයෝ ඒ ආයතනවල කලින් හිටපු නගරාධිපතිවරු, සභාපතිවරු මේ සැරේ ඡන්දෙ ඉල්ලලා දිනන්න බැරි කට්ටිය ස්වාධීන කණ්ඩායම් විදියට ඡන්දෙට ඉදිරිපත් වුණා. එහෙම ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනපු අයත් ඉන්නවා. ඡන්දෙට ඉදිරිපත් වෙලා පැරදිච්ච අයත් ඉන්නවා. මං උදාහරණයක් කිව්වොත් මීගමුව නගරසභාවේ හිටපු නගරාධිපති දයාන් ලන්සා, නිමල් ලන්සා ඇතුළු ඒ අය ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ම දැම්මා. ඒගොල්ලො හිතුවා වේශනිරූපණයක් සහිතව, වෙස් මූණක් දාගෙන ඇවිල්ලා දිනන්න පුළුවන් කියලා. නමුත් ඒක ඒගොල්ලන්ට බැරිවුණා. ගොඩක් තැන්වල හිටපු නගරාධිපතිවරු, සභාපතිවරු, මේ පොහොට්ටුවෙ අරහෙ මෙහෙ හිටපු අය පක්ෂයෙන් ආවාම ඡන්දෙ දෙන්නෙ නැති හින්දා ජනතාව එවැනි කණ්ඩායම් නියෝජනය කරමින් ආවා. ඉතින් අපි එවැනි අයත් එක්ක එකතු වෙන්නෙ නෑ…..|තව කියවන්න Asian MIRROR

Share this :