COVID-19 මූලාරම්භය දේශපාලනීකරණය නොකරන්න- චීනය
COVID-19 වෛරස ව්‍යාප්තියේ මූලාරම්භය සොයා බැලීම දේශපාලනීකරණය නොකරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු අද(21) මේ බව ප්‍රකාශ කළේ ය. එමෙන්ම මේ සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන වෙත බලපෑම් එල්ල කිරීම ද වහාම නතර කරන්නැයි හෙතෙම ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය.
මේ දිනවල පැවැත්වෙන 78 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ඇමරිකානු නියෝජිතයින් සිදු කළ අත්තනෝමතික ප්‍රකාශවලට පිළිතුරු දෙමින් චීන නියෝජිතයා පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට පැවසූ රටක්, එම සංවිධානයට අඛණ්ඩව සිය උපරිම සහයෝගය ලබා දෙන රටක් විවේචනය කිරීම පුදුම සහගත බවයි. ඇමරිකාව හරි වැරැද්ද පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු නොකරන අතර චීනය සෑමවිටම කිසිදු අනවශ්‍ය බලපෑමක් සිදු නොකර ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය සහයෝගය ලබා දී ඇති බව ද හෙතෙම පැවසීය…..|තව කියවන්න CRI online