Monday, June 23, 2025
Local News

මේ වසර අවසානයේ ගුරු සේවයට යම් ප්‍රමාණයක් හෝ බඳවාගන්නවා – අගමැති

0

රටපුරා 40,000ක ගුරු හිගයක්

මේ වනවිට රට පුරා 40,000ක ගුරු හිගයක් පවතින බවත්, මේ වසර අවසන් වන විට පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ බඳවා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (21) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කීය. රජයේ පාසල්වල පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු 4240ක් සහ දමිළ මාධ්‍යයෙන් පුරප්පාඩු 2827ක් පවතිනවා. හය වසර සිට එකොළහ වසර දක්වා ගුරු පුරප්පාඩු සිංහල මාධ්‍යයෙන් 11274ක් සහ දමිළ මාධ්‍යයෙන් 6121ක් තිබෙනවා. බස්නාහිර පලාතේ පමණක් රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍යයෙන් 1310ක් ද දමිළ මාධ්‍යයෙන් 302ක් සහ හය එකොළහ වසර සඳහා සිංහල මාධ්‍යයෙන් 1325ක් සහ දමිළ මාධ්‍යයෙන් 397ක් ගුරු පුරප්පාඩු තිබෙනවා. සමස්ථයක් ලෙස දිවයින පුරා 40,000ක ගුරු පුරප්පාඩු පවතිනවා…..|තව කියවන්න අග්‍රාමාත්‍ය කාර්යාලය

Share this :