වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම – 2025
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත බලාත්මක වීමත් සමඟ, එහි II වන කොටස යටතේ වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳ මධ්‍යම අධිකාරිය වශයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාකරනු ලැබිය යුතු බවත්, එම කාර්යය සඳහා කොමිෂන් සභාව විසින් එම පනත යටතේ මධ්‍යම අධිකාරිය වශයෙන් බලතල ක්‍රියාත්මක කිරීම, කාර්යය ඉටු කිරීම සහ කර්තව්‍ය කිරීම සිදු කරනු ලැබිය යුතු බවත් දක්වා ඇත.
ඒ අනුව, නව පනත යටතේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික ඉදිරිපත් කිරීමේ පද්ධතියක් තුළින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම හා සත්‍යායනය කිරීම බලාත්මක කරන තෙක්, වත්කම් හා බැරකම් ප්‍රකාශ මුද්‍රිත ආකෘතිය මඟින් ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80 වගන්තියේ සඳහන් සෑම තැතැත්තෙකුම වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදු කරනු ලැබිය යුතු අවස්ථා පනතේ 82 (1) , (2) හා (3) උප වගන්තිවල දක්වා ඇති අතර, නියෝග මඟින් නියම කළ ආකෘතියට අනුව ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත. මෙම ආකෘතිය, 2025.03.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2428/43 මඟින් පළකර ඇත…..|තව කියවන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව