Tuesday, June 24, 2025
Local News

ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවැනි වතාවටත් නම ප්‍රතික්ෂේප වුණා…

0

රජයේ විගණකාධිපති පත් කිරීම සම්බන්ධව ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප වූ බවත් ජාතික ජනබලවේගයට සම්බන්ධ, කැලණිය විශ්වවිද්‍යාල සගයකු විගණකාධිපති ධුරය සඳහා පත්කිරීමට කටයුතු කිරීම ජනාධිපතිගේ සහ ආණ්ඩුවේ නිරුවත ප්‍රදර්ශනය කිරීමක් බවත් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා මේ බව කීවේය. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ ද කියා සිටියේය.

රජයේ විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවැනි වතාවට ප්‍රතික්ෂේප වුණා. කෙසේ නමුත් රටේ සිටි කිසිදු පාලකයෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ හිතවතුන් පත් කරන්න කටයුතු කරලා නෑ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වසර 30 ක සේවා කාලයක් තිබෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයෙක් සිටියදී විගණකාධිපති ධුරය සඳහා පලපුරද්ද පිළිබඳව බරපතළ ගැටලු රැසක් තිබෙන, පෙට්‍රෝලියම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින, ජාතික ජනබලවේගයට සම්බන්ධ, කැලණිය විශ්වවිද්‍යාල සගයෙක් විගණකාධිපති ධුරය සඳහා පත්කිරීමට කටයුතු කිරීමම ජාතික ජනබලවේග රජයේ නිරුවත ප්‍රදර්ශනය කිරීමක් ලෙස අපට සඳහන් කරන්න පුළුවන්…..|තව කියවන්න දිවයින

Share this :