කුමන බාධා එල්ල කළ ද චීනයේ ගමන් මග අවහිර කළ නොහැක
දෙවන ලෝක යුද සමයෙන් පසු ඇමරිකාව ලෝක ආර්ථිකය තුළ දැරූ ස්ථානය වර්තමානයේ චීනයට හිමි වෙමින් තිබීම පැහැදිළි ව පෙනී යන්නකි. ගෙවුණු දශක කිහිපය තුළ චීන ආර්ථිකය ක්‍රමිකව පැහැදිළි වර්ධනයක් පෙන්නුම් කළ අතර එහිදී ජාත්‍යන්තර වෙළඳාම තුළ ඇමරිකාව ද අභිබවමින් ලොව බහුතර රටවල් සමඟ බහුපාර්ශ්විකත්වය මූලික කරගත් ක්‍රමවේදයක් ඔස්සේ සිය වෙළඳ කටයුතු පවත්වා ගෙන යනු ලබයි. මෙම තත්ත්වයත් සමඟ චීනය මේවන විට ලොව නිෂ්පාදනාගාරය බවට පත්ව ඇත්තේ චීන යුවාන් මුදල් ඒකකයේ වර්ධනයත් සනිටුහන් කරමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කෙසේවෙතත් චීනය මෙම දියුණුව අත්කර ගනු ලැබූයේ අනාගතය පිළිබඳ මනා දුරදක්නා නුවණකින් යුතුව ක්‍රියා කිරීම හේතුවෙනි. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය කැපී පෙනෙන්නකි. කොවිඩ් වසංගත සමයේදීත් දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වුව ද, රට තුළ පරිභෝජන ශක්තීන් ඉහළ දමමින් අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කල්යල් බලා ක්‍රියා කිරීම චීන ආර්ථිකය සතු වත්මන් ඔරොත්තු දීමේ හැකියාවට ශක්තිමත් පදනමක් විය…..|තව කියවන්න CRI online